HAPPY T — Blog
Tiny Moments. Colorful Corners.

Christmas Nights

Hello Friends 🥹❤

නත්තල් රාත්‍රීන් ඔයාලට කොහොමද දැනෙන්නේ??මට නම් ඒක හරි අමුතුම හැඟීමක්.හිත නිදහස් වෙන,අමුතු සතුටක් තියෙන දවස් කීපයක්.

ඉතින් 24 රෑ 8ට විතර මම මගේ කාමරේ පොඩ්ඩක් පිලිවෙලට අස් කරලා,ඊටපස්සෙ wash එකක් දාගෙන රෑට කෑම කෑවා.ඊටපස්සෙ මම මුළු කාමරේම සුවඳ වෙන්න හඳුන්කූරු පත්තු කළා.ඊටපස්සේ මම scripting (law of attraction යටතේ) කළා..scripting කරලා ඉවර වෙලා මම හොඳ කෝපි එකක් හදාගත්තා.මම දුකට සතුටට හුඟක් වෙලාවට බොන්නේ කෝපි තමා ඉතින්🤭❤.කෝපි එකකුත් හදාගෙන මම මුලින්ම home alone movie එක බලන්න පටන් ගත්තා.

movie එක බලන ගමන් කන්න snacks මොනාවත් තිබුණේ නෑ😢😢ඒකට නම් පොඩ්ඩ්ක් දුක හිතුණා.අපේ අම්මා දවස් හතරකට යාපනේ ට්‍රිප් එකක් ගියා.අම්මා යන්න කලින් අපිට snacks එහෙම ගෙනල්ලා දුන්නා..අපි ඉතින් අම්මත් නැති නිසා ඒව පහුගිය දවස් ටිකේ කාලා ඉවර කරලා😭❤..
මම බලන්න හිතන් හිටියෙ නම් Harry potter movie එකක්.අන්තිමට home alone movie එක බලලා,ඊටපස්සෙ මම බැලුවෙ reflection of you කියන K drama එකේ episodes 2ක්..

🙈25 වෙනිදා රෑ නම් reflection of you k drama ඒකේ ඉතුරු episode ටික බැලුවා.දවස් දෙකේම මම නිදාගන්නකොට පාන්දර 2 විතර වුණා🥹❤.

හැමදාම එහෙම නිදහස් ගතියක් දැනෙන්නෙ නැහැනෙ ඉතින්🙃🦋.ඉතින් නිදහසක් දැනුණ දවසට මම නිදහසේ මගේ කාලේ ගෙවනවා.

එහෙනම් ඔයාලා හැමෝටමත් ලැබුවා වූ නත්තල සුභ නත්තලක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා🥹🎄🎅🎁💌✨

My Christmas Gallery

https://www.tiktok.com/@happy_t_/video/7316771038786817288

← Back to Blog